කන්නෙ වහද?


ඔබත් රහට කන්නෙ වහද?



ඔබ පසුගිය මාසයට දින කීයක් වෛද්‍යවරයෙකු හමුවුනාද? එහෙමත් නැත්නම් පසුගිය වසරක කාලය ඇතුළත ඔබ කී වරක් වෛද්‍යවරයෙකු හමුවුනාද? කියල මතකයට නගා ගන්න ඔබට පුළුවන්ද? දැන් සමහරවිට ඔබ ආඩම්බරයෙන් සිහිකරාවි "පසුගිය වසර පුරාවටම මම වෛද්‍යවරයෙක් හමුවුනේ නෑ කියල."ඇත්ත, අපි කවුරුත් කැමති වෛද්‍යවරයෙකු හමුනොවී, ප්‍රතිකාර නොගෙන ඉන්න. ඒත් ඔබේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියො, දූ දරුවො, පවුලේ
අය ගැන හිතුවහම එයාලත් එහෙමද කියල හිතල බලන්න.ඒත් නාගරික ප්‍රදේශයක හවසකට දේශීය හෝ බටහිර පෞද්ගලික ආරෝග්‍යශාලා ළග, උදේට රෝහලක බාහිර ප්‍රතිකාර අංශයක කොපමණ පිරිසක් බේත් හේත් ගන්න පොදි කනවද කියල පොඩ්ඩක් බලන්න. මේ තරමට අපේ රටේ මිනිස්සු ලෙඩ්ඩු වුනේ කොහොමද කියල හිතල බලන්න ඔබට විවේකයක් ලැබුනෙ නැද්ද? එහෙම නැත්නම් ඔබ එහෙම ලෙඩෙක් නොවුනෙ ඇයි කියල හිතල බලන්න ඔබ පෙළඹුනාද? ලෙඩෙක් නොවී ජීවත් වෙන්න නම් අපි අනුගමනය කළ යුතු දේවල් ගැන ටිකක් විතරකියන්න තමයි 'වෙදහාමිනේගේ' මේ ලිපිය වෙන්වෙන්නෙ.

මේ දවස් වල හැමෝම කතාවෙන්නෙ 2600වන සම්බුද්ධ ජයන්තිය ගැනනෙ. අපි අහල බලල ඉගෙන ගෙන තියෙන විදියට "මධ්‍යම ප්‍රතිපදාව" කියන සංකල්පය මුලින්ම හදුන්වාදුන්නෙත් බුදු දහමේ නිර්මාතෲ වන ගෞතම බුදුන් වහන්සේ තමයි.අපේ ශරීරයේ තියෙන පංච ඉන්ද්‍රියයන් පිනවීම ගැන සිය දේශනාවල උපදෙස් දෙමින් ඒවා පාලනයකින් යුතුව පිනවීමෙන් ලෞකික වගේම ලෝකෝත්තර සුඛයයන් කරා ගමන් කළ හැකිබව බුදුන් වහන්සේ සදහන් කරල තියෙනවා.ශරීරයේ පංච ඉන්ද්‍රියයන්
කියන්නේ ඇස,කණ, නාසය, දිව හා සම(ශරීරය) කියන අංග.මෙයින් කුමන ශරීරාංගයක් වුනත් ඕනෑවට වඩා පිනවීමෙනුත් ,අවශ්‍ය තරමට සන්තර්පණය නොකිරීමෙනුත් මිනිසාට විතරක් නෙවෙයි ඕනෑම සත්වයෙකුට රෝග හටගන්නවා.ඒ අතරිනුත් දිව කියන අංගය වඩා ප්‍රබලයි. දිව පිනවන්න නම් රස දැනෙන දේ භාවිතා කළ යුතුයි.රස නොදැනෙන දේ භාවිතයෙන් වන්නේ ශරීරය වැහැරීම. රස දැනෙන දේ භාවිතයෙන් වෙන්නෙ ශරීරය ශක්තිමත් වීම. නැතිනම් ප්‍රාණවත් වීම.ඒත් රසය ගැන පමණක් හිතා භාවිතා කරන ආහාර පාන වලින් සිද්ධ වෙන්නෙ ශරීරයේ ‍ස්වභාවික ජෛව රසායනික ක්‍රියාවලිය බිද වැටීම.සියයට සියයක් දේශීය වෛද්‍යවරු වගේම සමාගම් වල ඉත්තන් ගැත්තන් බවට පත් නොවුණු ලක්බිමට එහෙම ලියන වෛද්‍ය චමල් සංජීව වැනි බටහිර වෛද්‍යවරුත් මේ මතය සමග එකගයි.

ඔබටත් දිව පිනවීම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න පුළුවන් කමක් තියෙනව නම් ඉදිරි වසරෙදි විතරක් නෙවෙයි ජීවිත කාලෙටම වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් හේත් ගන්න යන්න නොවෙන තාලෙට ජීවත් වෙන්න මග හදාගන්න පුළුවන්. ආහාර වලට වඩා ඖෂධ පෙති,කරල් ගිලින සමාජයක එහෙම නොවී ජීවත් වීම ආඩම්බරයක් විදිහට හිතන්න පුරුදු වීමත් අද කාලෙට වැදගත්.ඒවගේම ඔබ දැනට කිසියම් නිදන්ගත රෝගයකින් පෙලෙනවානම් මේ සාමාන්‍ය ආහාර රටාවට යොමුවෙන්න කලින් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකුගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.ඒ වගේම කිසිදු රෝගයකින් නොපෙළෙන කෙනෙක් වුවත් වසරකට වරක් වත් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකු හමුවී විරේකබෙහෙත් හා පණු බෙහෙත් ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.එසේම අවුරුදු 30 ඉක්මවූ කෙනෙකු නම් වසරකට වරක් වෛද්‍ය පරීක්ෂණයක්,තම
සෞඛ්‍ය ගැටළු පිළිබද සාකච්ඡාවක් සිදුකිරීමත් වැදගත්.

ආයුර්වේද වෛද්‍යවරු හැටියට අපි හැමදාම උපදෙස් දෙන්නෙ කෘතිම ආහාර වලින් ඈත් වෙන්න කියල.කටට රසට කන්න ඕන තමයි. ඒත් රහයි කියල වහ කන්නෙ මොකටද? මුළු ලෝකයේම අපිට විතරක් උරුම වටිනා කුළුබඩු වර්ග ගණනාවක් යොදාගෙන ඒවා ක්‍රමානුකූල අනුපාතයට මිශ්‍ර කරල ආහාරයෙන් ආහාරයට විවිධ අනුපාතයෙන් මිශ්‍ර කරල ආහාර රසවත් කරන්න, සුවදවත් කරන්න අපේ අම්මල, ආච්චිල දැනුවත් වෙලා හිටිය. සමහරුන්ට අදටත් මතක ආච්චි අම්මගෙ පරිප්පු හොද්දෙ, පොල් සම්බෝලෙ රහ මැවුණෙ සුප්කැට, mono sodium glucomate අඩංගු කුඩු වර්ග නිසා නෙවෙයි.ඒවගේම හොද්ද,මාළුව,ඇඹුල ලිපේ තියෙද්දි, සම්බෝලෙ අනද්දි ඒකට ලුණු , අඹුල් මදිද- වැඩිද කියල කියන්න පුළුවන් ඉවක් අපේ තාත්තලට,සීයලට තිබුණ.අද ඒ රසාංකුර මැරිල ගිය මිනිස්සු දානෙ උයද්දිත් නොපෙනෙන විදියට හැන්දට අරන් දිවේ ගාල තමන් මුලින් ඉදුල් කරන තත්වෙට ඇවිත් තියෙනවා.
පවුලක පෝෂණය ගැන වගකීම තමන් අතේ බව හිතන්න ඕන අපේ සහෝදරියො සහ දුවණි වරු රූපවාහිනියෙ යන ටෙලි නාට්‍ය බලන්න තියෙන හදිසියට අතේ තියෙන සොච්චම කඩේට දීල සොසේජස් කරලක්, සෝයාමීට් ටිකක් අරන් ඇවිත් තෙල් ,මිරිස් යහමින් දාලා තව මදිනම් සුප්කැටත් දාල එහෙන් මෙහෙන් ගහල තමන්ගෙ පවුලෙ අයට හදල දෙන්නෙ මොනවද කියල පොඩ්ඩක් හිතල බලන්න.ඒවගේම තෙල් මිරිස් නැතිව කන්න බෑ කියල කියන පිරමි පාර්ශවයෙ උදවියත් මේ ගැන හිතල බලන්න.

msg වලට අස්ථි දිරීම්,පිපිරීම් එනව කියල කියනකොට අපි කරන්නෙ ඇනිලීන් හරි ඇන්මම් හරි ගෙනත් බොන එක. අස්ථි දිරීමට හේතුව හොයල හේතුව නැති නොකර තවත් වසක් අපේ ශරීරයට එකතු කරගෙන අස්ථි ශක්තිමත් කිරීම සිදුවෙයිද? නෑ. ‍අන්තිමට වෙන්නෙ මේ වගේ කෘතිම දේවල් වල තියෙන වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍ය අපේ ඇග ඇතුළෙදි ප්‍රතික්‍රියා කරල වෙනත් වෙනත් සංයෝග නිෂ්පාදනය වෙලා කොහෙ හරි තැන්පත් වෙන එක. අන්තිමට කාලෙකදි ඒක මතුවෙන්නෙ පිළිකාවක් විදිහට.එහෙම නැත්නම් මේ සංයෝග වකුගඩු හරහා නොපෙරී රැදීමෙන් වෙන්නෙ වකුගඩු අක්‍රිය වී විනාශ වීම.ඊට පස්සෙ සිද්ද වෙන්නෙ ජීවත් වෙන තුරාවට පිටරට බෙහෙත් නිෂ්පාදන ආයතන වල නිත්‍ය පාරිභෝගිකයින් බවට පත්වෙමින් මැරි මැරී ජීවත් වෙන්න සිද්ධ වීම. නැත්නම් වකුගඩු බද්ධයට, පිළිකා සැත්කමට ආධාර ඉල්ලමින් පත්තරවල, හන්දිවල හිගාකකා රස්තියාදු වෙවී උන්හිටි තැනුත් උකස් කර කර තමනුත් දරුපවුලත් අනාථ කරමින් මැරි මැරී ජීවත් වීම.ඉතින් අදම හිතන්න. මේකට පිළියම මොකද්ද කියල. කෘතිම ආහාර පාන වලින් වැලකෙන එකද? නැත්නම් හොරෙක් හතුරෙක්ගෙන් හරි ණයක් තුරහක් වෙලා පිළිකාවට එන්න කළින් මොකක් හරි රක්ෂණ සමාගමකින් ජීවිත/සෞඛ්‍ය රක්ෂණයක් ගන්න එකද ? අතීසාරයට අමුඩ ගහන තීරණ වලට චිර ප්‍රසිද්ධ අපේ රටේ බොහෝ දෙනා දෙවැනි පිළියමට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.

අපිම මුදල් දීල ගේන ටීවී එකෙන් පෙන්වන හරසුන් කෑම බීම වලට අපිම මුදල් දීල කඩෙන් අරන් ඇවිත් ඒව කාල ලෙඩ වුණාම අපේ සල්ලිම දීල බෙහෙත් අරන් ඒ ලෙඩ වලට වියදම් කරන්න මුදල් නැති වෙයි කියල බයට රක්ෂණයකුත් අරන් ආහාර දාමයක් වගේ තැනින් තැන රැදෙන රාක්ෂයන් වන් සමාගම් සමූහයක බැංකු ගිණුම් තර නොකර මුල්ම පුරුකෙන් ගැලවිලා ස්වභාවික ආහාර රටාවකට යන්න අපි දෙපාරක් හිතන්න ඕනද?

එහෙම හිතන්න ඕන නෑ කියල වගකීමෙන් කියන ඔබට තුන්වේලෙ ස්වභාවිකව ආහාර ගැනීමේ ක්‍රමය ගැන කියල දෙන මේ ලිපියෙ ඊළග කොටස වෙසක් පෝයට කලින් පළකරන පොරොන්දුවෙන් වෙදහාමිනේ සමුගන්නෙ 'ලිපිය දිග වැඩි වෙන කොට' නීරස වේවි කියල හිතෙන නිසා. ඕ ලිපියට පෙර ඔබේ අදහසුත් ඇත්නම් ඒ ගැන මට කියන්න.බලන් සකි සඳ අසිරි මාතර



දෙනිපිටියේ නුගරුක
කොළොතොට, කොල්ලුපිටියේ ඉපැදුණු ගජමන් නෝනා, නොහොත් දෝන ඉසබෙලා (පෙරුමාල්) කොරනේලියා" දහතුන් වැනි වියේ සිටම හොඳ කවිකාරියක්‌ව සිටියා. දවසක්‌ වතුර ගේන්න ළිඳ ළඟට ගිය මේ කෙල්ල" කළේට වතුර පුරවල තිsයලා ළමයි එක්‌ක සෙල්ලම් කරන්න ගියා. එනකොට කළය තිබුණේ නෑ. ඉතින් කොරනේලියා මොකක්‌ද කළේ. කළය හංගපු "ජඩයට" ඇහෙන්න කවියක්‌ කිව්ව.
පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ

මේ ඇයගේ කාව්‍ය සිතුවිලි තරමයි.
1746 මාර්තු 10 වැනිදා උපන් ගජමන් නෝනා" කවියට උපන් හපන්කම් කීවේ පවුලේ අයගේ දක්‍ෂතා නිසාමයි. කොහොමහරි ඇයගේ දරු උපතකට බේත් හේත් ගන්න නිතර ආගියේ වැලිගම දෙනිපිටියේ වෙදගේගොඩ වෙද ගෙදරට. ඒ එනකොට දෙනිපිටියේ පොල් අතු ගඟ අසල තියෙන සුන්දර, ඒවගේම සුවිශේෂී නුග ගහ ගැන ඇයට දැනගන්නට ලැබුණා. මේ ළඟ තිබ්බ මුහන්දිරම් වලව්වෙ වැස්‌සියක්‌ ගඟට උඩින් වැටී තිබ්බ නුග අත්ත දිගේ එහා පැත්තට ගිහිං ඉරිදා පොළේ එළවළු කන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම එදා මේ පාරෙන් ගිය උදවිය නුග ගහයට තිබ්බ අම්බලමෙ නැවතිල, පිං තාලියෙන් දියබීල නුග අත්ත දිගේ එගොඩ මෙගොඩ වුණා. ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක වර්ණනාව කළේ මේ කතාන්දර සියල්ලක්‌ දැකල. ඒත් ඉතින් අවාසනාවකට අද මේ නුගරුක කපල එතැන සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ හදල. දැන් ඉතිsන් මෙතනට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ තිබල වැඩක්‌ තියෙනවද කියලා අපට නම් මහා ප්‍රශ්නයක්‌ ඇතිවුණා. කොහොම වුනත් ඒ නුග රුක කපාපු අයටත් එක්‌ක බලන්න අපි ආයිමත් ගජමන් නෝනාගේ දෙනිපිටිය නුගරුක වර්ණනාවේ කවියක්‌ කියනවා.

පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදීම
තුරුපෙළ අවට සැදීම - යුත් සෙවනැල්
ගන මෙ කැලෑවේ දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙලදීම - ඇති හැම කල්

යන එන දන සැපසේම - එහිදී හිඳ ගිම් සැනසීම
දසදිග අතු විහිදීම - තිබෙන විසල්
දෙනිපිටියට ඉතාම - වටිනා මහ නුගදුම
බලයකි එහි සිත් සේම - නිලඹර දුල්

ගජමන් වළව්ව
කොල්ලුපිටියේ හිටපු ගජමන් පවුල මාතරට ගියේ ගජමන් ආරච්චිට (ගජමන් නෝනාගේ තාත්තා) ලැබුණු ආණ්‌ඩුවේ තනතුරක්‌ හින්දලු. මේ අතරෙදී ගජමන් නෝනා වැඩිදුර කාව්‍යකරණය ඉගෙන ගත්තා. ඒ මාතර වේරගම්පිට රජමහා විහාරයේ කරතොට ශ්‍රී ධම්මාරාම හාමුදුරුවන්ගෙන්. පිරිමියෙක්‌ වගේ වෙස්‌ වළාගෙන. ඉංගී්‍රසි ආණ්‌ඩුවේ හම්බන්තොට - මාතර ආණ්‌ඩුවේ ඒජන්ත හා අයබදු එකතු කරන්නා වූ ජෝන් ඩොයිලිත් සිංහල ඉගෙන ගත්තෙ මේ කරතොට හාමුදුරුවන්ගෙන්ම තමයි.
ගජමන් නෝනාගේ දෙවැනි සැමියා වුණේ මාතර උයන්වත්තේ දොන් ගේබ්‍රියෙල් විජය විමල මුහන්දිරම්. ඔහුගේ අභාවයෙන් පස්‌සේ දරුවන් තුන් දෙනා හදාගන්න ගජමන් නෝනා මහත්සේ දුක්‌ වින්දාලු. ඉතින් ආණ්‌ඩුවේ ඒජන්ත ජෝන් ඩොයිලිට මේ දුක කවියකින් ලියල ඇරපු ගජමන් නෝනාට උදව් කළ ඩොයිලි, හම්බන්තොට නෝනාගම නමින් නින්දගමක්‌ පවා ලබා දුන්නාලු. මාතර වේරගම්පිට විහාරය ආසන්නයේම ගජමන් නෝනා දිවිගෙවූ ගජමන් වළව්ව තාමත් නිරුපද්‍රිතව තියෙනවා. ඉතින් දෙනිපිටියට වගේම මේ වළව්වටත් ගොඩවෙන්න අපි අමතක කළේ නෑ.

"සඳ මෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැත බත් උන් රැකගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක්‌ ලැබගන්ඩ

පොල්අතු මෝදර - මුට්‌ටිගස/පෙට්‌ටිගස දෙනිපිටිය පහුකරගෙන තවත් දකුණු දෙසට එනකොට අපිට පොල්අතු මෝදර හමුවෙනවා. පොල්අතු ගඟ මුහුදට වැටෙන්නෙ මෙතනින්. කිලෝ මීටර් 57 ක්‌ දුර ගෙවාගෙන එන මේ ගඟ පටන් ගන්නේ ගාල්ලේ උඩුගමෙන්. මතකද දෙනිපිටිය නුග ගහ තිබ්බෙත් මේ පොල්අතු ගඟ අසලම තමයි.
මුට්‌ටිගස/පෙට්‌ටිගස

පොල්අතු මෝදර රේල් පාර ළඟ දුලබ, වටිනා ගහක්‌ තියෙනවා. පොත්පත්වලත් සඳහන් වන මේ ගහ හොයාගෙන අපිත් එහි ගියා. මේ තමයි ඉතා දුලබ එහෙත් සත්‍ය කඩොලාන ගණයට ගැනෙන මුට්‌ටි කඩොල් නම් ශාකය. ඞහකදජ්රචමි ටර්බ්එමප ලෙස හඳුන්වන මේ ගසට පෙට්‌ටි ගස කියලත් කියනවා.

සනත් ජයසූරිය ක්‍රීඩාංගණය මාතර නගරයට ඇවිත් පාළමෙන් එගොඩවුණු ගමන් අපට පේන්නේ ලන්දේසි කොටුවේ ඔරලෝසු කණුව. කොටුවට යන්න කලින් එතන නැවතුණොත් දකින්න ලැබෙන්නේ කොටුවට පිටින් මුහුද අද්දර ඇති ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය. මේ තමයි ක්‍රිකට්‌ වලින් ශ්‍රී ලංකාවේ නම ලෝකෙටම ගෙනිච්ච සනත් ජයසූරියගෙ නමින් නම් කළ ක්‍රීඩාංගණය. සනත් ජයසූරිය ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය.

ජාත්‍යන්තරයේ මාතර ලකුණ අන් කිසිවක්‌ නොවේ. සනත් ජයසූරියම තමයි. 1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට ඔහු කළ කාර්යය විශිෂ්ටයි. 1989 සිට ජාතික කණ්‌ඩායමේ ඉන්න සනත් එක්‌ දින තරග ජාත්‍යන්තරයේ ලකුණු 13000 ක්‌ සහ කඩුලු 300 ක්‌ ඉක්‌මවූ එකම ක්‍රීඩකයාද වෙනවා.
ලොව වේගවත්ම අර්ධ ශතකය, ලොව වේගවත්ම ශතකය සහ ලොව වේගවත්ම ලකුණු 150 රැස්‌ කිරීමේ වාර්තා ඔහු තැබුවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්‌ට්‌ තරග 100 ක්‌ ක්‍රීඩා කළ ප්‍රථමයාත් සනත්. ඉතින් මාතර ක්‍රීඩාංගණය සනත්ගේ නමින් නම් වුණේ ඔහුට ගරු කිරීමක්‌ වශයෙන්.

මාතර ලන්දේසි කොටුව
ගාල්ල වගේම මාතර කොටුවත් ලන්දේසීන්ගේ යුද බලකොටුවක්‌. නිර්මාණශීලිත්වය හා ශක්‌තිමත් භාවය අතින් එය විශිෂ්ට නිර්මාණයක්‌. එක්‌ පැත්තක්‌ මුහුදට මුහුණලා තිබෙන මෙය තවත් පැත්තකින් නිල්වලා ගඟට මායිම් වෙනවා. ගාල්ල වගේම මාතර කොටුව තුළත් පැරැණි ගොඩනැඟිලි රැසක්‌ම පවතින්නේ අතීත මාතර නගරය මේ බව අපට පසක්‌ කරමින්. 


රෙපරමාදු පල්ලිය
ලන්දේසි පෙරමාදු දේවස්‌ථාන හතරක්‌ ගැන සඳහන් වෙනවා. 18 වැනි සියවසේදී ඉදිවුණු මේවා ලන්දේසි ආක්‍රමණයත් සමගයි බිහිවුණේ. ගාල්ල රෙපමාදු දේවස්‌ථානය ගැන අපි කතා කළා. එවැනිම දේවස්‌ථානයක්‌ මාතර කොටුව තුළත් තියෙනවා. යාපනය හා කොළඹ තමයි ඉතිරි රෙපරමාදු පල්ලි තිබිල තියෙන්නේ. මෙහි ඉදිරියේ 1767 දී ඩැනියල් බර්රාට්‌ ඔ ඔපර්කූප්මන්ට්‌ යන වදනක්‌ සඳහන්ව තිබෙනවා.

මාතර නගරයේ ලන්දේසි කොටු දෙකක්‌ම තියෙනවා. එකක්‌ "තාරකා කොටුව" ඒ ගැන අපි අද කතා කරන්නේ නෑ. ඒ ගැන ලබන සතියට ඉතිරි කරල අද අපි කියන්නෙ පැරැණි "පරෙවි දූපත" ගැන නොහොත් වත්මන් "උපෝසථාගාරය" ගැන.

නිල්වලා ගං තොට
මේ තමයි අද අපගේ නවාතැන. මාතර නගරයෙන් මුහුද සිපගන්නා නිල්වලාවේ මෝයට අපි ගියේ මාතර පැරැණි ලන්දේසි කොටුව මැදින්. ජනාකීර්ණ නොවූ, නිසසල පෙදෙසක, පොල්වත්තකට යාව පිහිටි නිල්වලා මෝය, දුටු විගස මට සිහිවුණේ අප ගමන පටන් ගත්ත කැලණි ගං මෝය. මොකද, මේ දෙකේම පෙනුම එක වගේ හින්දා. සිංහ රාජයේ ගොංගල කන්දෙන් ඇරඹෙන නිල්වලාව ලංකාවේ ප්‍රකටම ගංගාවක්‌.

රන් දූපත උපෝසථාගාරය ඉස්‌සර පරෙවි දූපත දැන් රන් දූපතයි. මුහුද මැද තිබුණු මේ දූපත කලක්‌ ගල් පරෙවියන් විසූ අලංකාර වූවක්‌. එහෙත් විවිධ කටයුතුවලට යොදාගත් මේ දූපත දැන් බෞද්ධාගමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වෙලා. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය වන්නේ දැන් මේ විහාරයයි. රෝහණ පාර්ශ්වයේ භික්‍ෂූන්ගේ උපසම්පදා විනයකර්ම මෙහිදී සිදුකෙරෙනවා. ඉතා අලංකාර රන් දූපත සතර මහා දේවාලවලින් ආරක්‍ෂාව ලබන අති උතුම් පිං බිමක්‌.

අප ස්‌වාමි දුවගේ සිද්ධස්‌ථානය/දේවස්‌ථානය
මාතර ගැන කතා කරන කොට මේ සිද්ධස්‌ථානය ගැනත් කතා කළ යුතුමයි. මේ දේවස්‌ථානයේ තොරතුරු සොයා ගිය ගමනේදී දේවස්‌ථානයේ චාල්ස්‌ හේවාවසම් පියතුමා අපට ලබාදුන්නු කාරුණික අනුග්‍රහයත් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.
මේ දේවස්‌ථානය මඩුපල්ලිය, තේවත්ත, තල්විල වගේම තවත් වැදගත් සිද්ධස්‌ථානයක්‌. ඉතින් ආගම් භේදයකින් තොරව ජනයා මෙහි පැමිණෙනවා. වාර්ෂික මංගල්ලයක්‌ ජයටම කෙරෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතිව.
මෙය සිද්ධස්‌ථානයක්‌ වන්නේ කිතුණුවන් "මාතර මෑණියන්" ලෙස මෙහි පවතින ප්‍රතිමාව වන්දනා මාන කරන නිසා. වසර 500 කටත් වඩා ඉතිහාසයක්‌ තියෙන බව කියන මෙම ප්‍රතිමාවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ළාබාල අවධියේදී මරිය තුමිය විසින් වඩාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙනවා. ඒ වගේම මෙම ප්‍රතිමාව ආශ්චර්යවත් එකක්‌ ලෙසයි සැලකෙන්නේ. ඒ කිහිප විටක්‌ම මුහුදු බත් වෙලා නැවත නැවත හමුවෙලා තියෙන නිසාම.

පළමුව මේ ප්‍රතිමාව හමුවෙලා තියෙනවා කියන්නේ මීට වසර 500 කට පමණ කලින් වැලිගම ධීවර පිරිසකට. ඒ මුහුදේ පාවෙලා ආපු පෙට්‌ටියක තිබිලා. පස්‌සේ මාතර තිබ්බ දේවස්‌ථානයට භාර දුන්නාලු. 17 වැනි සියවසේ මුල් භාගයේදී පිළිමය පිළිසකර කරන්නට බෙල්ජියමට යෑව්වාලු. පිළිසකර කර "බීච්" නම් නැවේ එන ගමනේදී කුණාටුවකට හසුව ප්‍රතිමාව නැවත මුහුදු බත් වුණු බවයි කියන්නේ. ආයිමත් ප්‍රතිමාව ලැබුණු කෙනෙක්‌ එංගලන්තයේ මිඩ්ල්ස්‌ බරෝ වරායට නැවකින් ගෙනිහිල්ල තියෙනවා. එතනදීත් අතුරුදන් වෙලා තිබුණු ප්‍රතිමාව අදේවවාදී අයකු ළඟ තිබිල මුහුදට දමල තිබිල හමුවුණු බවත්, මූර්ති ශිල්පී (බෙල්ජියම) හෙන්ට්‌ හී සියස්‌ විසින් පිළිසකර කරල බෙල්ජියම් ජාතික ජෝශප් වෑන් රීඩ් බිෂප්තුමන්ට භාර දුන් බවත් කියනවා. මේ පියතුමා තමයි ගාල්ල ආසන දෙව් මැඳුරේ පළමු පියතුමා වුණෙත්. 1912 දී බිෂප්තුමා ලංකාවට ආවත් ආයිමත් ප්‍රතිමාව නැවේ තිබුණේ නැතිලු. ඒත් පසුව ආපු "කුකමාර්" රුවල් නැවෙන් ප්‍රතිමා පෙට්‌ටිය ලංකාවට ගෙනවිත් මාතරට යළිත් භාරදීල තියෙනවා. 1912 නොවැම්බර් 12 තමයි මේ සුරුවම වත්මන් දේවස්‌ථානයේ තැන්පත් කරල තියෙන්නේ. තවත් පුදුමයක්‌ නම් 2004 දෙසැම්බර් සුනාමියට මේ දෙවස්‌ථානයත් හසුවෙලා ආයිමත් ප්‍රතිමාව මුහුදට ගසාගෙන ගියා. ඒත් දින තුනකින් හක්‌මන ප්‍රදේශයේ මිල්ටන් හක්‌මනගේ මහතාට හමුවෙලා නැවත භාරදීල තියෙන්නෙ සුනාමියට අහුවෙලත් කිසිදු අඩුපාඩුවක්‌ නැතිවලු. ඉතින් මේ සියලු දැ සිහිකර මරියතුමියගේ උපන්දිනය යෙදෙන සෑම සැප්. 8 දාකම වාර්ෂික මංගල්ලය කරනවාලු. 

No comments:

Post a Comment