ගජමන්නෝනගෙ කවි
පුoචි රුවන් පුoචි රුවන් පුoචි කළේ
වතුර අරන් ළිද උඩ තැබුවාය කළේ
අටපහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුoචි කළේ
සැලලිහිණි සංදේශය
ආසී
සැරදෙ සුලකළකුරු මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය සියනිහි සැළලිහිණි සඳ
සැපදුක් විමසුම්
පුල් මල් කෙසරු මෙන් රන්වනි තෙලෙ සරණ යුග
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූවෙව් එබැවින් නුබින් එන වර
නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු
වනදෙව් ලියෝ නොකොළොද සවන අබරණ?
එනමග දුකෙක් නොවී ද සබඳිනි කලණ
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එමපමණ?
ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි
කටයුතු නිදෙස
මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති
පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර බර
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට පවර
ජයවද්දන පුර වැනුම්
ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට
විලසින් මෙමා කරවන මිතුර මන් තුට
එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා
සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියලි ය පවුර
දුවන බඳ කිකිණි හය කුර පහර නද
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර නිබඳ
සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
විපුල් රත් සෙමෙර බඳ රන් දද සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල
තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලු කුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින
කිනුරු නිසසරන් කදහස වෙත නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන
ගමන් පිරුම
උදේ සැපත් සුරගුරු අලු කැරැ අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
දළදා වැනුම
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳි
රජ දැක්ම
ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිඳු
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු වදු
රිවි බිම්බා යුරු රිවි කුල කමලකර
පියුමම්බා නිතොර ව රැඳි උර මැඳුර
මෙනරම්බා හිමි රූ සිරිනි පැහැසර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර
උනු නොව බරණ සිවු සැට වොටුනුත් පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන් මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ නොසිඳ
ගනු අවසර එ නිරිඳු සිරි පතුල් වැඳ
නික්මුම
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
නිසා වැනුම්
කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ
කැරැ ලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ
උදා වැනුම්
වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර
ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර
උදා ගිරි කසුන් රිටි වැට හිස බැබළි
එදා සහසකර පහනෙව් කරත හෙළි
යොදා නුවන් ඉසුරුට කරන පුද කෙළි
විදා පියා නිලඹර යන් නොවී මැළි
මග වැනුම්
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
රනේ යටග සැවුළිඳු දද ගළපාය
අනේ ලකර කළ පුර අප නර පාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රදපාය
වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන
නලබල සසල දළ රළ පෙළ නුබ නැගෙන
වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළන
බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනන
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින
දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන
අග පිපි මල් මලිගිය ලිය කැලේ යා
වග බැඳ හෙන රජ හස පුල් විලේ යා
ළඟ තුරු මල් ගිලිහුණු රොනවුලේ යා
මඟ බැස යව පළ හෙළ වැලි තෙලේ යා
අයිරාවණ වුවත් නවතන රිසින් එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
කයිකාවලෙහි දැක සෙබළුන් රැකසිටින
වයි යා කරන් මල් තුරු ගන වන හිසින
නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලිය මඬු ලිය ගෙපෙළ
එකල් කෙළින වන දෙව් ලිය දැකකොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිලළ
මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම දැක යාගන් සහතොසිනි
කස්තුරු තිලක සැදි නළලත සුමුටාන
පුලමහනෙල් මල් දම් හිස දවටාන
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු සුමුටාන
මඟ නිලමින් සිටි නා දොඹ නී පියල
පියසලමින් මලගෙහි කෙළැ රොනිනවල
තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු පල
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ පඳුරුවල
රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී
මත කොවුලේ තුරු වදලේ හඬනනිසී
වන සැවුලේ මඟ අසලේ පොර සැලසී
ගුරු බැවුලේ යව අවුලේ නො වී කිසි
වනසිරි පියුම් රා බඳ රනබරණ යුරු
වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
සලාදුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලා ගෙන කනත
කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු කෙත
බන්නේ මරා මිණි දුල පබළු මුතු පට
වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු වට
ගන්නේ තසිත එබැවින් නො වැද කෙළියට
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට
අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැන විලිකුළු කිරළාන
පැසී නැමි කරල් රත් හැල් සහළාන
වඩින මැනවි මහ වෙල මැද වෙරළාන
පත් ගන පුල් මල් දොඹ තුරෙක පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින් අතුරු
ගත් සරතස හැර විඳ සුවඳ මඳ මරු
කිත්සිරිමේ වෙහෙරට වදුව පස්වරු
සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු මනරම
වඳනෙහි තෝ දාගැප් මහ බෝ පිළිම
කැලණි නදී වැනුම්
සල් සපු කීණ දොඹ රෑරඟ නා මිදෙලි
පුල් එරහැඳි හෝ පලු මීඅඹ පළොලි
පොල් පුවකිගු රඹ මලබුලත සලිමලි
නිල් ගන සා සෙවණලු දෙතෙරැ මනකලි
ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල
සලසා උකුළු වට රසුදුළ මිණි මෙවුල
සකසා දෙතන හර සඳුනෙන් කැරැ සිහිල
දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල
මනහර නා මණෙවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
සැඳෑ වැනුම්
සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල් රඟ
දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන් සමග
නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි රතුපුල
පවනින් අඹළ රන ලිය වන් ලියන් කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු කල
වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල
මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස
සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ විසූ
සදෑ සහසකර එන මහවත සැලසූ
විඳෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ
සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු පසු
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන තල සිරි යහන නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ
දනගෙන වුත් දමන ගොදුරට නොහැකිළිය
පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි පෙරැළිය
ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ රැළිය
එතැනින පියාසර කැරැ දකු මස්කෙළිය
කැලණි පුර වැනුම්
පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට
දියකඳ ගැඹර පිරි පුවතර මහ සයුර
මුවරද ලෙසින් වත අගතිසි කර තඹර
මනනඳ කරන මිණි ගණ මෙන් දිසි එවර
පැහැනද පහන් එහි මහ වෙයැ බල මිතුර
උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින් ගැලුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම නියැලුණු
සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ දළු
ළකල් රන ලියන් සරනා බල යහළු
ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් මඳොසිනැද දෙත දුණු කැන් දුහුල
සොඳ පුරඟන පහ සුමුගින් පැහැ උදුල
සෙද දුනඹර මතු ඇය රැස් මිණි මෙවුල
තවර කරැ කොකුම් සඳුනෙන් තුනුසියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
එපුර ඉඳිති සඳපානේසඳලුවල
පින්කම් වැනුම්
මුවලඹ රඹ වලු බර රන් තැඹිලි තුරු
සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ අතුරු
කරකැවෙමින් දකුණට අවුදින් මිතුරු
වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ මිතුරු
දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනිතුම
වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම
පෙර දලනිඳු දිය කඳ රට බිම් ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ සත
මනකල ඒ සමුදුර පැහැයෙන් දිමුත
වඳු සල පිළිම හිමි සිරි සරණ සියපත
ගිලිය නොදී සැට මහණන් බව මහණ
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ
දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ
බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ
පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
සැදි වටදා ගෙහි වඳු දා ගැබ දිමුත
දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින් ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග
අහසින් අවුත් මිණිඅක් නයිඳු යැදුමට
රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට
මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන් සිට
සවන සතිය වැසි වසිනා දස දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි
සවන හිඳිනු දනනඳනා නෙතු යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි
සසරින් මුදා ලෙවි සදහම් අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කැරැ සමාදී
අප මුනිඳූ බුදු වන දින මුරුන් පිදු
පැහැ විහිදූ දිලි කල දෝ යටින් යෙදූ
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක බඳූ
වැඳ දුමිඳූ වන පින් පල ත අත් බඳූ
විටංක පැකිලිඳු දකුණස දොරටුයෙන
නිසංකයෙන් පුද නන් තුරු ගොසසමින
කලංක නොව කළ සුබ ලකුණු බබළන
තිවංක නම් දෙපිළිම නැමඳ බැසගන
සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි
නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩහුන් පිළිම හිමි නමඳින් යහදසන
දෙව් මැඳුරු වැනුම්
පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පාය වන් විජයොත් නම් මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු
පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
දුලා රන් පතින් සරසා සවන් සොඳ
නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟ මඬල කල්බඳ
විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා
වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු
රැස් වූ සෙයින් සත් සර රස ගී සොඳුරු
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු
විබිසණ දෙව් වැනුම්
මෙසේ පැවති අනතුරු ගී රැඟුම් පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන් මැද
යසේ පතළ දිය තුළ උතුළ මන නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු සඳ
පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත දිමුත
සරණ මුළු ලොවට එසුරිඳු සිරස පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් යුත
සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ වියවුලේ
නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම කලේ
උදුලේ දො හෝ රන් පට මෙන් නළල් තෙලේ?
රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල මෙනේ
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම දිනේ
සොබනේ කනා කැටපත් යුවළ විලසිනේ
නමකළ සත හැලේ සිහිලේ සැප සිලිලී
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන නො කලී
නළලත ගිරි තෙලේ සුනිලේ රැසිනිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි කියලී
සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ
අතුරු තුසර සිඳුවන දැකුමෙන් පහළ
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත් සඟල
යසගාන කළ තැන තැන සිදඟනන් සැදී
නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට වොරැඳී
සමඟා රදුන් දෙවියන් සෙවුමින් නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස විඳී
සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව් ගන
සුරවර සලෙළ රත ලවනත දළ දුලන
මනහර සඳ වලා පෙළ කෙළවර පෙනෙන
පැහැසර ළ සඳ යුවළක් ඇත්නම් එමෙන
කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු ඇති
දනා කැමති දෙන පලඹත එ සුරපති
දිනා දිමුතු අතු සිරි සුර තුරැ පැවැති
පානා සෙනේ සසිනිඳු මඳලස බැල්ම
ගානා නිමහමෙව් දෙවඟන නෙත් කැල්ම
නානා සුරිඳු පුළුලුර සිරි සඳ ඇල්ම
නූනා කෙළන ගලතල වැනි ඉඳු නිල්ම
ලකුළු පුළුලුකුළු වට බිම එසුර විරු
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’ තුරු
නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ තුරු
බැබළු සිසිල් ඉසිනා විලස සිරි දැරු
වඳනා සුරන් කිරුළග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින් මනා
මඬනා බැවින් සියපත එ හිමි පතුලෙනා
බියෙනා ළ තඹ හෝ පලු සදිසි වෙවුලනා
වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු
බැලුවන් ඇලුම් කරවන යළිදු බියකරු
සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර යුරු
මුවෙකින් කියා නිමවිය හැකිද රූ සිරු?
ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලත පොකුරඹ හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසිනි
මන් පිනවන යස සිරි තෙද නැණ විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු සියල
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා බල
පින් නම් සතුන් කළ දෙව් රජ ම ය මෙකල
තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹුරු
අස්න
අනතුරු බලා අදහස අවසර විගස
යුහුසුළු නො වී සලකා පසු පළමු බස
පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන් ගොස
සැළ කර ත ගිය කටයුතු සිට එකත් පස
තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර
පුවතර ගැඹර සමුදුර කැලුම නිලඹර
සොමිබර පවර නිසයුර නුවණ සුරගුර
සුරවර දෙසැර විබිසණ නම් කැලණි පුර
රජකුල සුපුල් විලැ රජ හස වන් සරන
පෙර මලවියා වන් රුසිරෙන් මන නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින් තෙවුන
ගරුතර නන්නූරුතුනයා නමැති මැති
සිහිකර නිතර මහ පුද පඬුරු දී රුති
නොවිසිර ඔබට දන්වන ලෙස කී සිතැති
සුරවර මඳක් කල් එපවත් ඇසිය යුති
රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද
පැහැදුල සරා කල් පත් සහසකර බඳ
කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද
හළ දුසිරී දැන තෙවළා මුනිඳු බණ
කෙල පත් සියලු අවි සිප් කව් නළු සතණ
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා නැණ
කළ මුළු ලක්දිව එක් සේසත් සෙවණ
සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන
සිරිසඳ වන් සව් සිරි දියුණුවැ රඳන
සිතුමිණ වන් යැදි යදි හට දනින් දෙන
සරසවි වන් නුවණින් පහළ වැ පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින් වඳන
යෙහෙළින් කෙරේ සකි සැප සමග සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින වත්මේ
රකිමින් පතිනි දම් යහපත් සිරිත්මේ
සිහිනෙන් නිපන් වන් දස පින් පැවැත්මේ
මිහිරි තෙපල තන්වැසි කිවිකම් පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම පිරිසිදු
සසිරි උලකුඩය දේවී හට පසිඳු
දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී වැස
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස
බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල මහරු
එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් ගෙන
පුදමින් එසුරවර සිරි සරණ වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ කියන
දුනපින් සමග යස සිරි වඩි පුත් රුවන
මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ යා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ යා
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ යා
කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ යා
පැහැපත් පුන් සඳෙව් කිරි සමුදුරැ පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
නැවතත් එකලාව අවසර ලැබුණු විට
මෙපවත් කියව සැළ කරනුව සුර රදුට
මේ සියලුම අදහස කුලුණෙන් ගිහිණි
සේ සිය පත සලසා උදය දිනමිණි
නෑ සිය ඉටු මිතුරු සමගින් සැළලිහිණි
වා සිය පවතු සිතු ලෙස සැපතින් පැමිණි
පුරාණ සන්නයේ අගට යෙදුණු කවි
පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස
මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී ලස
අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට සකස
සතිස් වනු නවමැ පුර අස්ලිස නකත
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ පැනෙත
සහස්කර කුලට වැඩ වන ලෙස සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම් පත
කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව් සුසැදි
නැණ ගුරු සබස සමය ද දැනුමෙහි වොරැඳි
රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදි
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න යෙදි
සැලලිහිණිය නිමි………………………………………………
රජකුල රහසැ මැතිනිය සියනිහි සැළලිහිණි සඳ
සැපදුක් විමසුම්
පුල් මල් කෙසරු මෙන් රන්වනි තෙලෙ සරණ යුග
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූවෙව් එබැවින් නුබින් එන වර
නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු
වනදෙව් ලියෝ නොකොළොද සවන අබරණ?
එනමග දුකෙක් නොවී ද සබඳිනි කලණ
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එමපමණ?
ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි
කටයුතු නිදෙස
මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති
පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර බර
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට පවර
ජයවද්දන පුර වැනුම්
ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට
විලසින් මෙමා කරවන මිතුර මන් තුට
එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා
සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියලි ය පවුර
දුවන බඳ කිකිණි හය කුර පහර නද
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර නිබඳ
සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
විපුල් රත් සෙමෙර බඳ රන් දද සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල
තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලු කුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින
කිනුරු නිසසරන් කදහස වෙත නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන
ගමන් පිරුම
උදේ සැපත් සුරගුරු අලු කැරැ අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
දළදා වැනුම
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳි
රජ දැක්ම
ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිඳු
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු වදු
රිවි බිම්බා යුරු රිවි කුල කමලකර
පියුමම්බා නිතොර ව රැඳි උර මැඳුර
මෙනරම්බා හිමි රූ සිරිනි පැහැසර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර
උනු නොව බරණ සිවු සැට වොටුනුත් පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන් මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ නොසිඳ
ගනු අවසර එ නිරිඳු සිරි පතුල් වැඳ
නික්මුම
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
නිසා වැනුම්
කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ
කැරැ ලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ
උදා වැනුම්
වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර
ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර
උදා ගිරි කසුන් රිටි වැට හිස බැබළි
එදා සහසකර පහනෙව් කරත හෙළි
යොදා නුවන් ඉසුරුට කරන පුද කෙළි
විදා පියා නිලඹර යන් නොවී මැළි
මග වැනුම්
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
රනේ යටග සැවුළිඳු දද ගළපාය
අනේ ලකර කළ පුර අප නර පාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රදපාය
වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන
නලබල සසල දළ රළ පෙළ නුබ නැගෙන
වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළන
බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනන
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින
දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන
අග පිපි මල් මලිගිය ලිය කැලේ යා
වග බැඳ හෙන රජ හස පුල් විලේ යා
ළඟ තුරු මල් ගිලිහුණු රොනවුලේ යා
මඟ බැස යව පළ හෙළ වැලි තෙලේ යා
අයිරාවණ වුවත් නවතන රිසින් එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
කයිකාවලෙහි දැක සෙබළුන් රැකසිටින
වයි යා කරන් මල් තුරු ගන වන හිසින
නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලිය මඬු ලිය ගෙපෙළ
එකල් කෙළින වන දෙව් ලිය දැකකොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිලළ
මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම දැක යාගන් සහතොසිනි
කස්තුරු තිලක සැදි නළලත සුමුටාන
පුලමහනෙල් මල් දම් හිස දවටාන
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු සුමුටාන
මඟ නිලමින් සිටි නා දොඹ නී පියල
පියසලමින් මලගෙහි කෙළැ රොනිනවල
තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු පල
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ පඳුරුවල
රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී
මත කොවුලේ තුරු වදලේ හඬනනිසී
වන සැවුලේ මඟ අසලේ පොර සැලසී
ගුරු බැවුලේ යව අවුලේ නො වී කිසි
වනසිරි පියුම් රා බඳ රනබරණ යුරු
වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
සලාදුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලා ගෙන කනත
කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු කෙත
බන්නේ මරා මිණි දුල පබළු මුතු පට
වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු වට
ගන්නේ තසිත එබැවින් නො වැද කෙළියට
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට
අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැන විලිකුළු කිරළාන
පැසී නැමි කරල් රත් හැල් සහළාන
වඩින මැනවි මහ වෙල මැද වෙරළාන
පත් ගන පුල් මල් දොඹ තුරෙක පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින් අතුරු
ගත් සරතස හැර විඳ සුවඳ මඳ මරු
කිත්සිරිමේ වෙහෙරට වදුව පස්වරු
සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු මනරම
වඳනෙහි තෝ දාගැප් මහ බෝ පිළිම
කැලණි නදී වැනුම්
සල් සපු කීණ දොඹ රෑරඟ නා මිදෙලි
පුල් එරහැඳි හෝ පලු මීඅඹ පළොලි
පොල් පුවකිගු රඹ මලබුලත සලිමලි
නිල් ගන සා සෙවණලු දෙතෙරැ මනකලි
ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල
සලසා උකුළු වට රසුදුළ මිණි මෙවුල
සකසා දෙතන හර සඳුනෙන් කැරැ සිහිල
දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල
මනහර නා මණෙවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
සැඳෑ වැනුම්
සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල් රඟ
දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන් සමග
නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි රතුපුල
පවනින් අඹළ රන ලිය වන් ලියන් කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු කල
වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල
මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස
සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ විසූ
සදෑ සහසකර එන මහවත සැලසූ
විඳෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ
සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු පසු
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන තල සිරි යහන නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ
දනගෙන වුත් දමන ගොදුරට නොහැකිළිය
පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි පෙරැළිය
ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ රැළිය
එතැනින පියාසර කැරැ දකු මස්කෙළිය
කැලණි පුර වැනුම්
පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට
දියකඳ ගැඹර පිරි පුවතර මහ සයුර
මුවරද ලෙසින් වත අගතිසි කර තඹර
මනනඳ කරන මිණි ගණ මෙන් දිසි එවර
පැහැනද පහන් එහි මහ වෙයැ බල මිතුර
උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින් ගැලුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම නියැලුණු
සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ දළු
ළකල් රන ලියන් සරනා බල යහළු
ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් මඳොසිනැද දෙත දුණු කැන් දුහුල
සොඳ පුරඟන පහ සුමුගින් පැහැ උදුල
සෙද දුනඹර මතු ඇය රැස් මිණි මෙවුල
තවර කරැ කොකුම් සඳුනෙන් තුනුසියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
එපුර ඉඳිති සඳපානේසඳලුවල
පින්කම් වැනුම්
මුවලඹ රඹ වලු බර රන් තැඹිලි තුරු
සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ අතුරු
කරකැවෙමින් දකුණට අවුදින් මිතුරු
වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ මිතුරු
දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනිතුම
වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම
පෙර දලනිඳු දිය කඳ රට බිම් ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ සත
මනකල ඒ සමුදුර පැහැයෙන් දිමුත
වඳු සල පිළිම හිමි සිරි සරණ සියපත
ගිලිය නොදී සැට මහණන් බව මහණ
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ
දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ
බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ
පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
සැදි වටදා ගෙහි වඳු දා ගැබ දිමුත
දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින් ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග
අහසින් අවුත් මිණිඅක් නයිඳු යැදුමට
රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට
මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන් සිට
සවන සතිය වැසි වසිනා දස දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි
සවන හිඳිනු දනනඳනා නෙතු යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි
සසරින් මුදා ලෙවි සදහම් අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කැරැ සමාදී
අප මුනිඳූ බුදු වන දින මුරුන් පිදු
පැහැ විහිදූ දිලි කල දෝ යටින් යෙදූ
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක බඳූ
වැඳ දුමිඳූ වන පින් පල ත අත් බඳූ
විටංක පැකිලිඳු දකුණස දොරටුයෙන
නිසංකයෙන් පුද නන් තුරු ගොසසමින
කලංක නොව කළ සුබ ලකුණු බබළන
තිවංක නම් දෙපිළිම නැමඳ බැසගන
සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි
නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩහුන් පිළිම හිමි නමඳින් යහදසන
දෙව් මැඳුරු වැනුම්
පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පාය වන් විජයොත් නම් මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු
පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
දුලා රන් පතින් සරසා සවන් සොඳ
නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟ මඬල කල්බඳ
විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා
වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු
රැස් වූ සෙයින් සත් සර රස ගී සොඳුරු
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු
විබිසණ දෙව් වැනුම්
මෙසේ පැවති අනතුරු ගී රැඟුම් පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන් මැද
යසේ පතළ දිය තුළ උතුළ මන නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු සඳ
පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත දිමුත
සරණ මුළු ලොවට එසුරිඳු සිරස පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් යුත
සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ වියවුලේ
නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම කලේ
උදුලේ දො හෝ රන් පට මෙන් නළල් තෙලේ?
රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල මෙනේ
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම දිනේ
සොබනේ කනා කැටපත් යුවළ විලසිනේ
නමකළ සත හැලේ සිහිලේ සැප සිලිලී
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන නො කලී
නළලත ගිරි තෙලේ සුනිලේ රැසිනිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි කියලී
සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ
අතුරු තුසර සිඳුවන දැකුමෙන් පහළ
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත් සඟල
යසගාන කළ තැන තැන සිදඟනන් සැදී
නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට වොරැඳී
සමඟා රදුන් දෙවියන් සෙවුමින් නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස විඳී
සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව් ගන
සුරවර සලෙළ රත ලවනත දළ දුලන
මනහර සඳ වලා පෙළ කෙළවර පෙනෙන
පැහැසර ළ සඳ යුවළක් ඇත්නම් එමෙන
කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු ඇති
දනා කැමති දෙන පලඹත එ සුරපති
දිනා දිමුතු අතු සිරි සුර තුරැ පැවැති
පානා සෙනේ සසිනිඳු මඳලස බැල්ම
ගානා නිමහමෙව් දෙවඟන නෙත් කැල්ම
නානා සුරිඳු පුළුලුර සිරි සඳ ඇල්ම
නූනා කෙළන ගලතල වැනි ඉඳු නිල්ම
ලකුළු පුළුලුකුළු වට බිම එසුර විරු
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’ තුරු
නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ තුරු
බැබළු සිසිල් ඉසිනා විලස සිරි දැරු
වඳනා සුරන් කිරුළග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින් මනා
මඬනා බැවින් සියපත එ හිමි පතුලෙනා
බියෙනා ළ තඹ හෝ පලු සදිසි වෙවුලනා
වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු
බැලුවන් ඇලුම් කරවන යළිදු බියකරු
සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර යුරු
මුවෙකින් කියා නිමවිය හැකිද රූ සිරු?
ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලත පොකුරඹ හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසිනි
මන් පිනවන යස සිරි තෙද නැණ විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු සියල
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා බල
පින් නම් සතුන් කළ දෙව් රජ ම ය මෙකල
තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹුරු
අස්න
අනතුරු බලා අදහස අවසර විගස
යුහුසුළු නො වී සලකා පසු පළමු බස
පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන් ගොස
සැළ කර ත ගිය කටයුතු සිට එකත් පස
තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර
පුවතර ගැඹර සමුදුර කැලුම නිලඹර
සොමිබර පවර නිසයුර නුවණ සුරගුර
සුරවර දෙසැර විබිසණ නම් කැලණි පුර
රජකුල සුපුල් විලැ රජ හස වන් සරන
පෙර මලවියා වන් රුසිරෙන් මන නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින් තෙවුන
ගරුතර නන්නූරුතුනයා නමැති මැති
සිහිකර නිතර මහ පුද පඬුරු දී රුති
නොවිසිර ඔබට දන්වන ලෙස කී සිතැති
සුරවර මඳක් කල් එපවත් ඇසිය යුති
රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද
පැහැදුල සරා කල් පත් සහසකර බඳ
කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද
හළ දුසිරී දැන තෙවළා මුනිඳු බණ
කෙල පත් සියලු අවි සිප් කව් නළු සතණ
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා නැණ
කළ මුළු ලක්දිව එක් සේසත් සෙවණ
සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන
සිරිසඳ වන් සව් සිරි දියුණුවැ රඳන
සිතුමිණ වන් යැදි යදි හට දනින් දෙන
සරසවි වන් නුවණින් පහළ වැ පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින් වඳන
යෙහෙළින් කෙරේ සකි සැප සමග සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින වත්මේ
රකිමින් පතිනි දම් යහපත් සිරිත්මේ
සිහිනෙන් නිපන් වන් දස පින් පැවැත්මේ
මිහිරි තෙපල තන්වැසි කිවිකම් පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම පිරිසිදු
සසිරි උලකුඩය දේවී හට පසිඳු
දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී වැස
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස
බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල මහරු
එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් ගෙන
පුදමින් එසුරවර සිරි සරණ වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ කියන
දුනපින් සමග යස සිරි වඩි පුත් රුවන
මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ යා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ යා
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ යා
කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ යා
පැහැපත් පුන් සඳෙව් කිරි සමුදුරැ පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
නැවතත් එකලාව අවසර ලැබුණු විට
මෙපවත් කියව සැළ කරනුව සුර රදුට
මේ සියලුම අදහස කුලුණෙන් ගිහිණි
සේ සිය පත සලසා උදය දිනමිණි
නෑ සිය ඉටු මිතුරු සමගින් සැළලිහිණි
වා සිය පවතු සිතු ලෙස සැපතින් පැමිණි
පුරාණ සන්නයේ අගට යෙදුණු කවි
පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස
මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී ලස
අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට සකස
සතිස් වනු නවමැ පුර අස්ලිස නකත
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ පැනෙත
සහස්කර කුලට වැඩ වන ලෙස සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම් පත
කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව් සුසැදි
නැණ ගුරු සබස සමය ද දැනුමෙහි වොරැඳි
රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදි
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න යෙදි
සැලලිහිණිය නිමි………………………………………………
අමුඩය…..
කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්‍යතාවය සුරැකූ ඇඳුමකි.
අතීතයේ ගැමි තාරුණ්‍යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්‍රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්‍යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ. වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.
මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්‍රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.
1.හඟල අමුඩය
හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි.
2.දිය අමුඩය
දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.
3.ගැට අමුඩය
වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්‍යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.
තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.
අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.
අමුඩය හා බැඳුණු උපහැරණ අතර “අමුඩය දීලා කෑවා වාගේ” යන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්‍රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.
අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.
අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.
අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.
කර ආලේ නැහුනත්
කටු බැදි අස්සේ
ගමරාලේ දැන්නම්
රහසක් නැත්තේ
හොර පාරේ ගිය මඟ
සලකුණ ඇත්තේ
කටු ගාලේ තිබු අමුඩේ
පලු අත්තේ
මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.
මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්‍රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.
1.හඟල අමුඩය
හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි.
2.දිය අමුඩය
දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.
3.ගැට අමුඩය
වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්‍යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.
තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.
අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.
අමුඩය හා බැඳුණු උපහැරණ අතර “අමුඩය දීලා කෑවා වාගේ” යන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්‍රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.
අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.
අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.
අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.
කර ආලේ නැහුනත්
කටු බැදි අස්සේ
ගමරාලේ දැන්නම්
රහසක් නැත්තේ
හොර පාරේ ගිය මඟ
සලකුණ ඇත්තේ
කටු ගාලේ තිබු අමුඩේ
පලු අත්තේ
මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.
ගිං ගඟ
මිනිසාද ඇතුළත්ව ඔහු ජිවත් වන වටපිටාව අයත් සියළුම අංශ “පරිසරය” යනුවෙන් සරලව දැක්විය හැකිය. පරිසරහ තුළ ජිවී අජිවී සංඝටක පවත්නා අතර එමගින් සියලුම ජිවීහු පෝෂණය ලබා ගනිති. පරිසරය භූගෝල විද්‍යාත්මකව හදාරන විට ප්‍රධාන කොටස් 2 කට බෙදා දැක්වේ. එනම් භෞතික පරිසරය හා මානව පරිසරය යනුවෙනි. භෞතික පරිසරය යන්නෙන් මිනිසාගේ හා ඔහුගේ ක්‍රියාකාරකම් හැරුණු කොට ස්වාභාවික නිර්මිත සියල්ලම දැක්වෙන අතර මානව පරිසරය යන්නෙන් මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල දැක්වේ.
ගංඟා පද්ධතියක ව්‍යුහාත්මක ලක්ෂණ (එනම් ගංඟාවේ පළල,ගැඹුර,හැඩය, ජල ධාරිතාවය,ජලයේ ප්‍රවේගය,ජලයේ ගුණාත්මකභාවය ආදිය) කාලීන හා අවකාශීය වශයෙන් වෙනස්ව්ම් වලට ලක්වේ.ලෝකයේ සශ්‍රික මානව ශිෂ්ඨාචාරයන් සියල්ලම බිහිවී තිබෙන්නේ ගංඟාවන් පාදක කර ගනිමිනි.නිදසුන් ලෙස යුප්‍රටීස් – ටයිග්‍රීස්,හොවැන්හෝ, ඉන්දුනිම්න ශිෂ්ඨාචාර දැක්විය හැකිය.ඹවුන් එතරම් සංවර්ධනයවී තිබුනේ ගංඟා ජලය නිසා වුවද එවායේ ජනසංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය විම සමඟ සංකිර්ණ අවශ්‍යතා ඉටුකර ගැනිම උදෙසා නව තාක්ෂණය කරා යොමු විය. ඒ අනුව මිනිසා විසින් පරිසරය සීග්‍රයෙන් ප්‍රයෝජනයට ගනු ලැබිය.
ගිංගඟ රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජයේ මීටර් 1400 උසැති බුළුතොට ශිඛරයෙන් ආරම්භ වී මාතර දිස්ත්‍රික්කය හරහා ගලාගොස් ගාල්ලදිස්ත්රික්කයේ ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා යයි. මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයට ගිංගඟේ පහළ පෝෂක ප්‍රදේශය සම්පුර්ණයෙන් සහ මධ්‍යයම පෝෂක ප්‍රදේශයෙන් කොටසක් අයත් වේ. ගංඟාවකට නිෂ්චිත ආරම්භයක්, නිෂ්චිත ගංඟා මාර්ගයක් සහ නිෂ්චිත ගමනාන්තයක් තිබෙන බව හදූනාගත හැකිය. භෞතික භූගෝල විද්‍යාවේ වැදගත් අංගයක් නිසාම ගංඟා පද්ධති පිළිබඳ විවිධ අධ්‍යයනයන් කලින් කලට සිදූ කර තිබේ.මේ පිළිබඳ අධ්‍යයන භූ රූපවිද්‍යාව ,ජල විද්‍යාව, ඉංජිනේරු කටයුතු,සැළසුමි ශිල්පය ආදි අංශ රැසකට වැදගත් වේ. එබැවින් ඒ ඒ අංශ මගින් ගංඟා පද්ධති අධ්‍යයනයට ලක් කොට තිබේ.
භෞතික භූගෝල විද්‍යාත්මකව බලන විට මහාචාර්ය ඩබ්ලිව්.එම්.ඩේවිස්ගේ අධ්‍යයනය වැදගත් කොට සැලකිය හැකිය. ඔහු සාමාන්‍ය ඛාදන චක්‍ර සංකල්පය ඉදිරිපත් කළ අතර, එහි අදහස වුයේ කිසියම් භූරුපයක් යනු එහි ව්‍යුහය,ක්‍රියාවලිය හා අවස්ථාව යන සාධක තුනෙහි ප්රතිඵලයකි යන්නයි.ඒ අනුව ගංඟා පද්ධතියක ක්‍රියාකාරිත්වය යෞවන, පරිනත,වෘද්ධ, යන අවස්ථා තුන යටතේ සිදූවන බවත්,ගංඟාවක භාරය පරිවහනය වන ආකාරයත්, ඒ අනුව එක් අවස්ථාවේ දී භූ රුප නිර්මාණය වන බවත් ඔහු ප්‍රකාශ කලේය.
ශ්‍රී ලංකාවේ ජලවහනය
ශ්‍රී ලංකාව සතුව වර්ග කි.මී.59,217 ක භූමි ප්‍රමාණයක් පුරාව්‍යාප්ත වී තිබෙන ගංඟා දෝණි 103 ක් ඇත.මෙයින් වඩාත් කැපි පෙනෙන ජල ද්‍රෝණි වර්ග කිලෝමීටර් 100 කට අඩු ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති අතර එවා ක්‍රියාත්මක වන්නේ,වර්ෂා කාලයන්හිදීය. කදුකරයේ තෙත් ප්‍රදේශ වලින් ආරම්භවී ඇති ගංඟාවන් වසර පුරාම ක්රියාක්මක මට්ටමේ පවතින අතර වියලි කලාපීය ගංඟාවන් වර්ෂයේ එක් කාලයකට පමණක් ක්‍රියාකාරී විම හදුනාගත හැකිය.ශ්‍රී ලංකාවේ ජලාධාර ලක්ෂණ තිරණය කරන්නා වු භූ විද්‍යාත්මක පිහිටිම් ප්‍රධාන කොටස් 4කට බෙදා දැක්වේ.- මුළු භූමී ප්‍රමාණයෙන් 90%ක ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබෙන ස්පටිකමය ඝන පාෂාණ, මෙම ප්‍රග් ක්රෙම්බ්රිය පාෂාණවල ප්‍රාථමික සිදුරු ස්වාභවය අවම වන නමුදු, ඒවායේ සන්ධි,ගැළුම් සහ කුස්තුර තුල භූගත ජලය වැඩිවශයෙන් රැදි පවති.
- උතුරේ සිට වයඹ දිශානුගතව පවත්නා මයෝසීන හුණුගල් ස්ථරයද අයත් වන සෙසු පුදේශ බහුතරයක ව්‍යාප්ත වී තිබෙන තැන්පතු
- ගංඟා සහ වෙරළාසන්න ප්‍රදේශ වල ව්‍යාප්ත වී තිබෙන මතු පිට දියළු මේවා මැටි,වැලි,බෙරළු වලින් සමන්විත වෙයි.
දැඩි පාෂාණ ප්‍රදේශයන්හි මතුපිට ව්‍යාප්ත වී තිබෙන දිරාගිය කොටස් වර්ෂාපතනයෙන් භූගත ජලය එක් රැස් විමේ වේගය එක් භූ විද්‍යාත්මක ව්‍යුහයකින් තවෙකට වෙනස් වේ. වියලි කලාපයේදී මෙම ප්‍රමාණය 10-30% අතර වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2000ක් වන අතර මෙමගින් මිරිදිය ඝන මීටර් මිලියන 131,230 ක් මධ්‍ය වශයෙන් සැපයේ. වාර්ෂිකව මධ්‍ය වශයෙන් ගංඟා මගින් බැසයන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 40,680 (වර්ෂාවෙන් 31%)ක් පමණ වන බව ගනන් බලා තිබේ.
ගිංගඟ ද්‍රෝණි ප්‍රදේශයේ භෞතික සහ සංස්කෘතික පසුබිම
පිහිටිම
- ශ්‍රී ලංකාවේපමනක් නොව ලෝක මට්ටමෙන් ස්වභාවික වනාන්තරයක් වු සිංහරාජය, ගිංගංඟාවේ මුලාරම්භයයි. එහි නිරිත දිග සිමාව වන්නේද ගිංගංඟාවයි.
- ගිංගඟ පෝෂක ප්‍රදේශය එහි නිරපේක්ෂ පිහිටිම අනුව උ.අක්ෂාංශ 6003‘05‘‘සිට 6023‘00‘‘ සහ නැගෙනහිර දේශාංශ 800 07‘ 05‘‘ සිට0 38‘07‘‘ අතර ප්‍රදේශයේ පිහිටා තිබේ.
- සාපෙක්ෂ පිහිටිම පිළිබදව සලකා බලන විට ගිං ගඟේ ආරම්භය සලකා බලන විට ගිං ගඟේ ආරම්භය දකුණු පළාතේද හඳුනාගත හැකිය.ඒ අනුව රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි මෙය ව්‍යාප්ත වී තිබේ. එහි අවසානය සටහන් කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට ප්‍රදේශයෙනි.
ගංඟාශ්‍රිත ප්‍රදේශයේ දේශගුණය
- ගංඟාශ්‍රිත ප්‍රදේශයේ ක්ෂු්ඳ්රවශයෙන් දේශගුණික තත්වයේ ඇතිවන වෙනස් වීම් අවම වන බැවින් ගාල්ල දිස්ත්‍රික්කයේ දේශගුණය මෙහිදි සලකා බැලේ.
- මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප වර්ග කිරීම් අනුවතෙත් කලාපයට අයත් වේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් මැයි-ජුනි මාසවල නිරිතදිග මෝසම් මගින් ඉහළ වර්ෂාපතනයක් ද ලබා දෙන අතර අන්තර් මෝසම් කාලයන්හිදි සංවහන සහ වාසුළි සුළං මගින්ද සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂාපතනයක් ලබා දෙයි.පසුගිය වසර 10ක වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍යයන් පහත වගුවේ දැක්වේ.
වර්ෂාපතනය, උෂ්නත්වය හා ආර්ද්‍රතාවය යන විචල්‍යයන්හි සාමාන්‍ය ව්‍යාප්තිය
වර්ෂය | වර්ෂාපතන සාමාන්‍ය (mm) | මධ්‍යවාර්ෂික උෂ්ණත්වය (c0) | සාමාන්‍ය ආර්ද්‍රතාවය (%) |
---|---|---|---|
1992 | 324.4 | 27.03 | 79.08 |
1993 | 324.6 | 27.05 | 81.41 |
1994 | 325.8 | 27.15 | 80.67 |
1995 | 322.0 | 26.83 | 81.34 |
1996 | 165.8 | 27.02 | 80.40 |
1997 | 330.2 | 27.51 | 76.83 |
1998 | 335.2 | 27.92 | 78.58 |
1999 | 247.0 | 27.40 | 80.50 |
2000 | 209.0 | 27.80 | 82.23 |
2001 | 147.7 | 28.15 | 80.52 |
2002 | 128.7 | 23.15 | 67.52 |
2003 | 325.2 | 27.15 | 82.52 |
2004 | 262.2 | 28.91 | 83.25 |
2005 | 254.2 | 28.52 | 81.25 |
2006 | 248.2 | 28.02 | 80.12 |
ගිංගඟ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්වය
මෙම ප්‍රදේශයේ ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අයත් විවිධ පාෂාණවලින් යුක්ත වේ. විශේෂයෙන්ම විජයාණු ශ්‍රේණියට අයත් චානෝකයිට් සහ ග්‍රැනයිට් නයිස් පාෂාණයන්ගෙන් සමන්විත වෙයි.ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක සිතියම් අධ්‍යයනය කිරිමෙන් ගංඟාශ්රිතව තිබෙන පාෂාණ වර්ග හදුනාගත හැකිය.ගංඟාශ්‍රිත ප්‍රදේශයේ පාෂාණ තත්වය
ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන්නේ රතු කහ පොඩ්සෝලික් පස සහ ලැටරයිට් පස වේ.නමුත් ගංඟා ද්‍රෝණිය හා ඒ ආශ්රිත ප්‍රදේශයේ දියළු මිශ්‍රිත පසක් දක්නට ලැබේ.ගිංගඟ ප්‍රදේශයේ පාංශු තත්වය
සංකේතය | පාංශු වර්ග |
---|---|
A1 | අර්ධ හැල්පස සිට දියළු මිශ්‍ර පස |
A2 | මිශ්‍ර දියළු පස සහිත හියුමික්ග්ලේ දියළු පස හා ලවණ හැල් පස |
A3 | දියළු මිශ්‍ර පස |
A4 | ලවණ ලැටසයිට් සහිත රතු කහ පොඩ්සෝලික් පස |
B1 | වැලි සහිත රෙලසෝල් පස |
B2 | තද ලැටරයිට් සහිත රතු කහ පොඩ්සෝලික් පස හා ක්වෝට්ස් සහිත රතු කහ පොඩ්සෝලික් පස |
C1 | වර්ණක සහිත රතු කහ පොඩ්සෝලික් පස |
C2 | වර්ණක සහිත රතු කහ පොඩ්සෝලික් පස |
C3 | හියුමික්ග්ලේ දියළු පස සහිත හැල් පස |
ගංඟාශ්‍රිත ප්‍රදේශයේ වෘක්ෂලතා
මෙම ප්‍රදේශ පවත්නා ශාක පහත ආකාරයට සටහනකින් දැක්විය හැකිය.නමුත් එළ ගවයන් සහ මී ගවයන්ගේ උලා කෑම නිසා මේවා වඳ වි යමීන් පවති.වගුරු ප්‍රදේශ වැඩි වශයෙන්ම ගංඟාවේ මෝය කටට ආසන්න ප්‍රදේශයේ ඇත.ගිං ගඟ ද්‍රෝණියේ 90% පමන දක්නට ලැබෙන්නේ මිනිසා විසින් වගා කෙරුණු ශාක වර්ගයන්ය. ඒ අනුව යැපුම් බෝග යටතේ වී වගාව ව්‍යාප්ත වී තිබේ.
ගිං ගඟ ප්‍රදේශයේ ජල තත්වය
ගිංගඟ ද්‍රෝණියේ ප්‍රධාන ගංඟාව සහ අතු ගංඟා 86 කින් සමන්විත වෙයි. ගංඟා ද්‍රෝණි ප්‍රදේශයේ ජලවහනය සලකා බලන විට ඉතාමත් හොඳ මට්ටමක පවතියැයි කිව නොහැක.ගිංගඟ ජල පාලන ව්‍යාපෘතියේ වේලි සහ පොම්පාගාර නිසා එක් ප්‍රදේශයක (අනාරක්ෂිත ප්‍රදේශයේ)ජලය රඳා පැවතිමත්,අනෙක් ප්‍රදේශයේ (අරක්ෂිත කලාපය) ජලය සිඳි යාමත් දක්නට ලැබේ.ගිංගඟ ජල පාලන ව්‍යාපාතිය ක්‍රියාත්මක විමත් සමඟ එම ප්‍රදේශයේ භූ ගත ජල මට්ටම පහත වැටුණු අතර දැන් වැලි කැනීමෙන් ගඟ ගැඹුරු විම භූගත ජල මට්ටම පහත වැටිමට හේතු වී තිබේ.එමෙන්ම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව විවිධ ගැටළු මතු වී තිබේ. ව්‍යාපෘතිය සහ වැලි කැනීම ආදිය නිසා ගඟ ගැඹුරු විමේන් ළිං ජලයේ වර්ණය වෙනස්විම (බෙර පැහැවිම, මළකඩ වැනි ස්වාභවය)සිදුවී තිබේ. එමෙන්ම කරදිය ගලා එම, සතුන් නැවිම ආදි හේතු මත තවදුරටත් ගංඟා ජලයේ සහ ළිංවල ජලයේ ගුණාත්මකභාවය පිලිබඳව ගැටළු මතු වී තිබේ.ගිංගඟ ද්‍රෝණිය ආශ්රිත ප්‍රදේශයේ භූමි පරිභෝගය
ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව 95%ක් පමණ ව්‍යාප්ත වී පැවතියේ වී වගාවයි. (1970) නමුත් අද වන විට විවිධ හේතුන් මත මෙම කුඹුරු වලින් 98% ක්ම වගා නොකරන තත්වයකට පත්ව තිබේ.ඒ වෙනුවට තේ,රබර්,පොල්, යන වැවිලි බෝග බහුලව ව්‍යාප්තවිමක් දැකිය හැකිය. කළවිටි ප්‍රදේශ වලත් කුඹුරු ගොඩකළ බිම් වලත් තේ වගාව ව්‍යාප්ත වී පවති.මේ ප්‍රදේශයේ විශේෂ ලක්ෂණය වන්නේ මේ සියළු වගා බිම් අක්කර 1/4 කට වඩා අඩු කුඩා බිම් ට්ටිවිමයි.මීට අමතරව කටුපොල්,කුරුඳු, කොරටු වගාවන්ද, ගෙවතුද විශාල වශයෙන් ගංඟාව දෙපස ව්‍යාප්ත වී තිබේ.එමෙන්ම ලඳු කැළෑ සහ තෘණ බිම් ද ව්‍යාප්ත විමක් හඳුනාගත හැකිය.
No comments:
Post a Comment